නිවෙස්වල සූර්ය බැටරි පද්ධති ස්ථාපනයට ක්වින්ස්ලන්ඩ් රජයෙන් සුවිශේෂී වට්ටම්

නිවෙස්වල සූර්ය බැටරි පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ඩොලර් මිලයන ගණනක සුවිශේෂී වට්ටම් ලබා දීමට ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය සැළසුම් කර තිබෙනවා.

නිවාස ඒකකයන් හී විදුලි බිල්පත් ගාස්තු අවම කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන අතර වට්ටම් දීමනා ආරම්භ කරන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

මෙම වැඩසටහන යටතේ පවුලේ ආදායම් මට්ටම සහ සුදුසුකම් මත ඩොලර් 4000 දක්වා වට්ටම් හිමිකර ගැනීමේ අවස්ථාව පවතින අතර සෝලා පද්ධතිවලට අදාළ ටෙන්ඩර් ද මේවන විට කැඳවා තිබෙනවා‍.

අඩු ආදායම් ලාභී පවුල් ඒකක සඳහා සුර්ය පැලන මිලදී ගැනීමේ පැවති බාධා මේ යටතේ අවසන් වන අතර නව යෝජනා ක්‍රමය මගින් සැමට සහනදායි වට්ටම් හිමිවනු ඇති.

මෙම ව්‍යාපෘතිය වඩාත් ඵලදායි සහ ආරක්ෂිතව කරගෙන යෑම සඳහා බලශක්ති අමාත්‍යංශය හා එක්ව කටයුතු කරන බව ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය සඳහන් කර තිබෙනවා.

නව ව්‍යාපෘතිය සඳහා ‌ඩොලර් මිලියන 12ක මුදලක් වෙන් කර ඇති අතර පවුල් 4000කට ඉන් ප්‍රතිලාභ හිමිවනු ඇති බව සඳහාන්.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »