
සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් සැළසුම් කර ඇති පැය 24ක වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹෙන බව වර්ජින් ගුවන් සේවා වෘත්තිය සමිති ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව වර්ජින් ඔස්ට්‍රේලියා සහ Fair Work කාර්යාලය අතර සේවක වැටුප් විශමතා මුල්කරගනිමින් පැවති සාකච්ඡා අසාර්ථකවී ඇති අතර උත්සව සමය තුළ මෙලෙස වෘත්තීය වල නිරතවීමෙන් ගුවන් මගීන්ට සිදුවන බලපෑම ඉහළ යනු ඇති.
වැටුප් විශමතා සහ සේවා ගුණාත්මක භාවය ඉහළ දමන ලෙස ඉල්ලමින් වර්ජින් වෘත්තීය සමිති විසින් වර්ජනයක නිරත වන බව පසුගියදා ප්‍රකාශයට පත් කර තිබුණා.

වර්ජින් කැබින් කාර්ය මණ්ඩල සේවකයින්ගෙන් සියයට 99ක් වෘත්තිය ක්‍රියාමාර්ග වලට පක්ෂව ඡන්දය පල කර ඇති අතර ගුවන් සේවිකාවන්ගේ සංගමයද සඳහන් කර ඇත්තේ සාධාරණ වැටුප්, ආරක්ෂිත සේවා කොන්දේසි ඇතුලු වඩා හොඳ ප්‍රතිලාභ තම සේවා සඳහා අවශ්‍ය බවයි.
කෙසේ වෙතත් වර්ජින් වෘත්තීය සමිති වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අදාළ සාකච්ඡා විසදීම සඳහා බොහෝ දේ කල හැකි නමුත් පාලනාධිකාරිය කිසිදු සාධනීය ක්‍රියාමාර්ගයකට අවතීරණ නොවන බවයි.

මේ සම්බන්ධ සාකච්ඡා ලබන සතිය තුළ යලිත් සිදුකිරීමට නියමිතයි.