නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා පරීක්‍ෂණ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මුදල් ගෙවන ලෙසට ඉල්ලා ව්‍යාජ කෙටි පණිවිඩයක් පිළිබඳව අනතුරු ඇඟවීමක්!

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා පරීක්‍ෂණ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මුදල් ගෙවන ලෙසට ඉල්ලා ව්‍යාජ කෙටි පණිවිඩයක් පිළිබඳව අනතුරු ඇඟවීමක්!

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ ව්‍යාජ කෙටි පණිවිඩ හුවමාරු වීම පිළිබඳව අද දින රජය නිවේදනයක් නිකුත් කරමින් සිඩ්නි ජනතාවට අනතුරු ඇඟවීමක් කර ඇත​. කොරෝනා වයිරස් පරීක්ෂණ ප්‍රතිඵල සඳහා මුදල් ගෙවන ලෙස එම කෙටි පණිවිඩ වල සඳහන් වන බවත් ඒවා ව්‍යාජ Scam පණිවිඩ බවත් ඒවාට නොරැවටෙන ලෙසට උපදෙස් දී තිබේ.

“නිව් සවුත් වේල්ස් රජය විසින් කිසි විටෙකත් කොරෝනා පරීක්‍ෂණ සඳහා මුදල් අය කර නොගන්නා බවත් කිසිම අවස්ථාවක රජය විසින් COVID-19 සඳහා ධනාත්මක ප්‍රතිඵල ලැබුන පුද්ගලයින්ට කෙටි පණිවිඩ මගින් දැනුම් දෙන්නේ නැත” යනුවෙන් NSWHealth නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

“ඔබ ට COVID-19 සඳහා ධනාත්මක ප්‍රතිඵලයක් ලැබුනහොත් NSWHealth වෙතින් දුරකථන ඇමතුමක් ලැබෙනු ඇති අතර ඊළඟට කුමක් කළ යුතු දැයි නිලධාරියෙකු ඔබ හට උපදෙස් දෙනු ඇත​.” බොහෝ විට, NSWHealth වෙතින් ලැබෙන ඇමතුම් පුද්ගලික අංකයකින් (Private Number) පැමිණේ.

කොරෝනා වසංගතය හමුවේ ජනතාව නොමඟ යවා ඔවුන් ගේ මුදල් සොරකම් කිරීමට තැත් කරන වංචනිකයන් විසින් සිදු කරනු ලබන නවතම ප්‍රයත්නය මෙය බවට නිව් සවුත් වේල්ස් රජය සඳහන් කරයි.

 

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »