ව්‍යාපාර නගා සිටුවීමට කෘතිම බුද්ධිය භාවිත නව ව්‍යාපෘතියකට ඔස්ට්‍රේලියා රජයේ එකඟතාව

ඔස්ට්‍රේලියානු ව්‍යාපාර නගා සිටුවීම සඳහා කෘතිම බුද්ධිය භාවිත කිරීමේ නව ව්‍යාපෘතියකට ‌ෆෙඩරල් රජය ඒකගතාව පල කර තිබෙනවා.

ඒ අනුව කෘතිම බුද්ධිය උපයෝගි කරගනිමින් ඵලදායි සේවාවක් සැපයීම සඳහා ඩොලර් මිලියන 17ක ප්‍රතිපාදන වෙන් කිරීමටයි රජය සැලසුම් කර ඇත්තේ.

මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය තුළ කෘතිම බුද්ධිය භාවිත කිරීම සඳහා ඊට අදාළ පුහුණු කිරීමේ මධ්‍යස්ථාන 5ක් රට පුරා ස්ථාපිත කිරීමට නියමිත අතර ඉදිරියේදි එය මධ්‍යස්ථාන ජාලයක් ලෙස ව්‍යාප්ත කිරීමට ද නියමිතයි.

කර්මාන්ත අමාත්‍ය ඉඩ් හුසීක් සඳහන් කළේ මෙලෙස කෘතිම බුද්ධිය ව්‍යාපර ක්ශේත්‍රය සඳහා භාවිත කිරීමට ලැබීම ආර්ථිකයට නවතාවයක් එක් කරන අතර වැඩි ආර්ථික වාසි අත්කර ගැනීමට හැකිවන බවයි.

මේ අතර උසස් තාක්ෂණය මගින් ඵලදායී මෙන්ම කාර්‍යක්ෂම සේවාවක් අනාගත ව්‍යාපාරික ක්ෂේත්‍රයට හදුන්වාදීම මෙහි අරමුණ බවයි කර්මාන්ත අමාත්‍ය ඉඩ් හුසීක් වැඩිදුරටත් අවධාරණය කළේ.

ජාතික මෙන්ම ජාත්‍යන්තර වෙළදාමෙහි නිරත කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කරගැනීමට සහ වගකිවයුතු සක්‍රීය සේවාවක් සැපයීම අරමුණු කරගෙන ෆෙඩරල් රජය අදාල අරමුදල් ඉදිරියේදි නිකුත් කිරීමට නියමිතයි.

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »