
වැටුප් විෂමතා ගැටලු සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය ඉදිරිපත් කර ඇති යෝජනා පරිපූරක වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
පැය 11ක සේවා කාලයක් සම්පූර්ණ කරන පරිපූරක වෛද්‍යවරුන් වෙත දීමනාවක් නිර්දේශ කිරීමට ප්‍රාන්ත රජය එකගවුව ද වෘත්තීය සංගම් පවසන්නේ සියයට 20ක වැටුප් වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.
ඒ අනුව වැටුප් විෂමතා සම්බන්ධයෙන් වෘතිය සමිති සහ ප්‍රාන්ත රජය අතර පැවති සාකච්ඡා එකගතාවයකින් තොරව අවසන් වු බවයි වාර්තා වන්නේ.

වැටුප් විෂමතා ගැටලු සඳහා විසඳුම් නොදෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වන බව නිව් සවුත් වේල්ස් පරිපූරක වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රාන්ත රජයට පසුගිය දා අනතුරු ඇගවිමක් කර තිබුණා.
වෘත්තිය සමිති ලේකම් ජෙරාඩ් හේස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ බලධාරීන්ගේ නිර්දේශ තේරුම් ගැනීමට නොහැකි බවත් මෙය පරිපූරණ වෛද්‍යවරුන්ට සිදු කළ සැලසුම් සහගත පහරක් ද වන බවයි.

පරිපූරක වෛද්‍යවරුන් සඳහා නිර්දේශිත දීමනාව වෘත්තිය සමිති ප්‍රතික්ෂේපකිරීම පිළිබද රජය කණගාටු වන බවයි සෞඛ්‍ය අමාත්‍ය රයන් පාර්ක් සදහන් කළේ.
කෙසේ වෙතත් ලබන ජනවාරි පළමුදාට පෙර වැටුප් විෂමතා ගැටලු විසඳා ගැනීමට නොහැකිවුවහොත් ප්‍රාන්තය පුරා සමස්ත සෞඛ්‍ය පද්ධතියටම බලපෑම් අත්වනු බව සදහන්.