
ආහාර සුරක්ෂිතතාව සඳහා නිර්දේශ 35කින් සමන්විත වාර්තාවක් පාර්ලිමේන්තු කෘෂිකර්ම කමිටුව විසින් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම සඳහා ආහාර පිළිබඳ අමාත්‍යවරයකු පත් කිරීම ඇතුලු ආහාර කවුන්සිලයක් පිහිටුවීම පිළිබඳ එහිදි අවධානය යොමුව තිබුණා.
මෙරට ආහාර නිශ්පාදනයෙන් සියයට 70ක් ජාත්‍යන්තර වෙළඳපලට බෙදා හරිය අතර අපනයනය වඩාත් වැදගත් වුවද ඔස්ටේ්‍රලියානුවන්ට දැරිය හැකි මිල ගණන් යටතේ ආහාර මිලදී ගැනීමට රජය සහතිය විය යුතු බවයි පාර්ලිමේන්තු කමිටුව නිර්දේශ කර ඇත්තේ.

රටතුළ ආහාර සැපයුම් සහ යෙදවුම් ක්‍රියාවලිය ද, දේශගුණික විපර්්‍යාසයන් මෙන්ම ආහාර අනාරක්ෂිතභාවයට බලපෑම් කරන සාධක පිළිබඳ පුරා වසරක් තුල සිදු කළ පර්යේෂණයන්ගේ ප්‍රතිඵලයක් ලෙස අදාළ නිර්දේශ ඉදිරිපත් කර තිබුණා.
මෙරිල් ස්වන්සන්ගේ ප්‍රධානත්වයෙන් අදාළ නිර්දේශයන් ඉදිරිපත් කල අතර ඕස්ට්‍රේලියාවේ ආහාර පද්ධති පිළිබඳ ව වැදගත්ම පරීක්ෂණය මෙය බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

රට තුළ ආහාර සැළැස්මක් ක්‍රියාත්මක කිරීම වඩාත් උචිත වන අතර ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් සමග සාකච්ඡා කර ලබා ගත් නිර්දේශ ද මිට ඇතුලත් කර තිබෙනවා.
නාස්තිය සහ යුධමය තත්වයන් හේතුවෙන් වසරකට ඩොලර් බිලියන 36 ක ආහාර අපද්‍රව්‍ය ප්‍රමාණයක් එක්රැස්වීම බරපතල තත්වයක් වන අතර ඒ සඳහා ද නිර්දේශ මෙහි ඇතුලත්.