
ඇමරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව අතර මිසයිල සහ රොකට් නිෂ්පාදනය කිරීමේ නව ගිවිසුමකට එළඹ තිබෙනවා.
දෙරට අතර ආරක්ෂක සබඳතා පුලුල් කර ගැනීම සහ උසස් අභ්‍යවකාශ නිරීක්ෂණ සහ රේඩාර් අඩවි ස්ථානගත කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මේ වන විට දෙපාර්ශවය අතර සාකච්ඡා ආරම්භ කර ඇති අතර 2025 වසර වන විට එම කටයුතු අරම්භ කිරීමට නියමිත බවයි.

අදාළ සැලසුම් සාකච්ඡා කිරීම සඳහා ආරක්ෂක කර්මාන්ත අමාත්‍ය පැට් කොන්රි සහ එයාර් මාෂල් ලියොන් ෆිලිප්ස් ඇලබාමා හි මිසයිල බලාගාරය නැරඹීමේ සංචාරයක නිරතව ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් AUKUS ගිවිසුමේ තවත් එක් දිගුවක් වන මෙම ව්‍යාපෘතිය සඳහා අදාළ නිශ්පාදනයන්ට ඔස්ටේ්‍රලියානු වානේ භාවිත කිරීමට නියමිතයි.
