Search

සමස්ත ඔස්ට්‍රේලියාව පුරා ඩිජිටල් හැඳුනුම්පත ඉදිරි මාස 12 තුළදී

සමස්ත ඔස්ට්‍රේලියාව පුරා ඩිජිටල් හැඳුනුම්පත භාවිත කිරීම ඉදිරි මාස 12 තුළදී ආරම්භ කෙරෙන ළකුණු පළවී තිබෙනවා.

ඒ අනුව රියදුරු බලපත්‍රය – මෙඩිකෙයාර් කාඩ්පත ඇතුලු සියලු අනන්‍යතා සහතික ඔන්ලයින් ක්‍රමයට තහවුරු කරගැනීමට සියලු ආයතනවලට පහසුකම් සැළසෙනු ඇති.

බොහෝ ප්‍රාන්ත මේ වනවිටත් රියදුරු බලපත්‍රය ඇතුලු විවිධ අනන්‍යතා ලේඛණ තහවුරු කිරීම් ඩිජිටල් ක්‍රමයට ආරම්භ කර තිබෙනවා.

යෝජිත ඩිජිටල් හැඳුනුම්පත් ක්‍රමයේදී නව අංකයක් හෝ කාඩ්පතක් නිකුත් නොකෙරෙන අතර කිසියම් අයෙකු සතු අනන්‍යතා සහතික සියල්ල තනි පද්ධතියකට ඇතුළත් කිරීම සිදුවනවා.

එය සුරක්ෂිත – කාර්යක්ෂම මෙන්ම පහසුවෙන් හැසිරවිය හැකිවීම විශේෂත්වයක්.

කෙසේවෙතත් මෙමගින් ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ පුද්ගලික දත්ත අනවසර සොරාගැනීම්වල ඉහළයාමක් සිදුවිය හැකි බවටද මත පළවී තිබෙනවා.

සියලු දත්ත එකම පද්ධතියක ගබඩා කර තැබීමත් – ඔස්ට්‍රේලියාව සයිබර් අපරාධකරුවන්ගේ ප්‍රධාන ඉලක්කයක් වීමත් ඊට ප්‍රධාන හේතු ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »