
ඉදිරි කාලසීමාවට අදාළව ප්‍රාන්ත අගමැතිවරුන් සඳහා ලැබීමට නියමිත වැටුප් වර්ධක පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව ක්වීන්ස්ලන්ඩ් අගමැතිනියට 2025 වසරේ ජූනි මාසය වනවිට අවස්ථා 03 කදී වැටුප් වැඩිවීම් ලැබී සියයට 11 ක වැටුප් වර්ධකයක් හිමිවීමට නියමිතයි.
දැනට ඇය ලබන ඩොලර් 427,561 ක වාර්ෂික වැටුප එහිදී ඩොලර් 476,323 දක්වා ඉහළ යනු ඇති.

ක්වීන්ස්ලන්ඩ් පාර්ලිමේන්තුව විසින් ඊයේ දිනයේදී සම්මත කල යෝජනාව අනුව ප්‍රාන්තයේ අනෙකුත් ඉහළ නිළධාරීන්ටද වැටුප් වැඩිවීම් ලැබීමටයි නියමිතව ඇත්තේ.
මෙරට වැඩිම වාර්ෂික වැටුප ලබන අගමැති වන්නේ වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ජසින්ටා ඇලන් වන අතර එය ඩොලර් 481,190 ක්.

අඩුම වාර්ෂික වැටුපක් හිමිවන්නේ ටස්මේනියා අගමැතිවරයාට වන අතර එය ඩොලර් 301,397 ක්.