
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට බලපා ඇති අධික උණුසුම් කාළගුණ තත්වය හමුවේ සිඩ්නි නගරයේ ස්ථාන ගණනාවක විදුලි ඇණහිටීම් සිදුවී තිබෙනවා.
පස්වරු 01 පමණ වනවිට ඇතැම් ස්ථානවල උෂ්ණත්වය අංශක 40 ද ඉක්මවා ගොස් තිබූ බවයි කාළගුණ විද්‍යා කාර්යාංශය සඳහන් කලේ.
උපරිම උෂ්ණත්වය ලෙස අංශක 43 පුරෝකථනය කර ඇති අතර පස්වරුවේ එය තරමක් අඩුවනු ඇති බවටද අනාවැකි පළවනවා.

වසර 04 කට පසු සිඩ්නි උණුසුම අධිකම දිනය අද බවයි නිල දත්ත වාර්තා පවසන්නේ.
ඇඩිලේඩ් – හෝබාර්ට් සහ මෙල්බන් නගරවලද අද සහ හෙට තරමක උණුසුම් කාළගුණ තත්වයක් අපේක්ෂා කල හැකියි.

මෙම තත්වයෙහි පහවයාමක් අපේක්ෂා කෙරෙන්නේ ලබන සඳුදා වනවිටයි.