Search

ඔස්ට්‍රේලියා Student Visa නව නීති ලබන සඳුදා ප්‍රකාශයට

කිසිදු වැදගත්කමක් නොමැති පාඨමාලා හැදෑරීම සඳහා විදේශයන් හි සිට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් හේතුවෙන් ඔස්ටේ්‍රලියාවේ සංක්‍රමණ පද්ධතිය අවභාවිත වී ඇති බවට අගමැති ඇන්තනී ඇල්බනීස් චෝදනා කරනවා.

එබැවින් රටට පැමිණෙන සංක්‍රමණිකයන් සංඛ්‍යාව අඩු කිරීම සඳහා වන ස්ථිර විසඳුම ලබන සඳුදා ප්‍රකාශයට පත් කරන බවයි ඔහු අවධාරණය කලේ.

රැකියා කිරීමේ අරමුණ ඇතිව අනාගතයට කිසිදු වැදගත්කමක් නොමැති පාඨමාලා හැදෑරීම වෙනුවෙන් ශිෂ්‍ය වීසා ලබාගැනීමට විදෙස් සිසුන් බොහොමයක් කටයුතු කරන බවයි අගමැති ඇල්බනීස් පෙන්වා දෙන්නේ.

එබැවින් විශ්ව විද්‍යාල මට්ටමට වඩා පහළින් ඇති ඇතැම් පාඨමාලා සඳහා ලියාපදිංචිය සැළකිය යුතු මට්ටමකට කපා හැරීමටයි ෆෙඩරල් රජය සූදානම් වන්නේ.

මෙමගින් රට පුරා නිවාස අර්බුදය මෙන්ම ජීවන වියදම් අර්පුදයද යම්තාක් දුරකට මගහරවා ගැනීමට හැකිවනු ඇති බව අගමැති ඇල්බනීස් තවදුරටත් සඳහන් කර සිටිනවා.

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »