විදුලි බිල් සඳහා පණවා ඇති සහන ක්‍රම කිහිපයක් ඉවත් කිරීමත් සමග වික්ටෝරියා ප්‍රාන්තවාසීන් දහස් ගණනකගේ විදුලි බිල් ගාස්තු දැවැන්ත ඉහළයාමකට ලක්විය හැකි බවට අනතුරු ඇගවෙනවා.
පසුගිය මැයි මාසයේදී ප්‍රකාශයට පත් කෙරුණු ප්‍රාන්ත රජයේ අයවැය ලේඛණයට ඇතුළත්වූ යෝජනාවක් අනුවයි මෙම වට්ටම් හා සහන ඉවත් කරනු ලබන්නේ.
ඉදිරි විදුලි බිල්පත් සැළකිය යුතු අගයකින් ඉහළ යා හැකි බවට විදුලි සේවා සැපයුම්කරුවන් විසින් දැනටමත් ඔවුන්ගේ පාරිභෝගිකයන් වෙත දන්වා තිබෙනවා.
කෙසේවෙතත් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් සිය තීරණය සාධාරණීකරණය කර ඇති අතර තවත් වට්ටම් යෝජනා කිහිපයක්ම පාරිභෝගිකයන් හට ලබාගත හැකි බවයි දන්වා සිටින්නේ.
අඩු ඉල්ලුම මත මෙම සහන යෝජනා ක්‍රම අහෝසි කරන බවද ඔවුන් සඳහන් කර සිටිනවා.