ඔස්ට්‍රේලියානු පාරිභෝගික නීතිය කඩ කරන්නන්ට 2024 දී නව මාර්ගෝපදේශ

අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරණය වන වෙළඳ දැන්වීම්හි නිරූපනයේ යෙදෙන විලසිතා තාරකාවන් මගින් පාරිභෝගිකයින් නොමග යවන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම විසින් විලාසිතා තාරකාවන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් 118ක් නිරීක්ෂණය කරමින් සොයාගෙන ඇත්තේ ඉන් සියයට 81ක පමණ ජනතා නොමග යවන දැන්වීම් තම නිරූපනයන් තුළින් පල කර ඇති බවයි.

ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක්, ස්නැප්චැට්, යූ ටියුබ් – ෆේස්බුක් සහ ට්විටර් වැනි ජනප්‍රිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ එම විලසිතා තාරකාවන් ජනතාව නොමග යවන සුලු අලෙවිකරණ රටාවක් නිරත වන බව සොයාගෙන තිබෙනවා.

මේ අතර විලාසිතා, රූපලාවණ්‍ය, ආහාර පාන, සංචාර සහ ජීවන රටාව, සෞඛ්‍ය, නිවස, ක්‍රීඩා සහ තාක්ෂණය යන ක්ෂේත්‍ර හතක් ඔස්සේ පාරිභෝගිකයින්ට සිදුවන බලපෑම් ACCC විසින් අධ්‍යයනය කර තිබුණා.

මෙහිදි විලාසිතා තාරකාවන්ගෙන් සියයට 96ක් ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් මගින් ජනතාව නොමග යවන සුලු භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනයන්හි නිරතව ඇති බවයි සොයාගෙන ඇත්තේ.

ඕස්ට්‍රේලියානු පාරිභෝගික නීතිය යටතේ කිසිදු පුද්ගලයකුට හෝ අළෙවි ආයතනයකට තම පාරිභෝගිකයින් නොමග යවන සුලු ප්‍රචාරණ හෝ රැවටීම් සිදු කිරීමට හැකියාවක් නොමැති වුව ද අන්තර්ජාලය ඔස්සේ මෙවැනි වංචනික ක්‍රියා සිදුවන බව සඳහන්.

2024 වසරේ දී සමාජ මාධ්‍ය ඔස්සේ ඔස්ට්‍රේලියානු පාරිභෝගික නීතිය කඩ කරන්නන්ට එරෙහිව නව මාර්ගෝපදේශමාලාවක් හඳුන්වාදීමට ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම පියවර ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »