හදුනා නොගත් පිළිකා අවධානමින් පසුවන වික්ටෝරියානුවන් ගණන ඉහළට

හදුනා නොගත් පිළිකා අවධානමින් පසුවන වික්ටෝරියානුවන් ගණන ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය වාර්තා මගින් අනාවරණය වි තිබෙනවා.

ඒ අනුව නවතම වික්ටෝරියානු පිළිකා ලේඛණ දත්ත අනුව පෙනී යන්නේ වික්ටෝරියානුවන් අතුරින් අවම වශයෙන් 6660 දෙනෙකු හඳුනා නොගත් පිළිකා අවධානමකින් පසුවන බවයි.

පිළිකා අවදානම පෙර තියා හඳුනා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මියයන සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති අතර වික්ටෝරියානු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම පිළිකා අවදානම සියයට 70ක් බව සඳහන්.

කොවිඩ් වසංගත අවධානමින් පසු සිදු කළ වෛද්‍ය පරික්ෂණ මගින් තහවුරු වී ඇත්තේ පිළිකා අවදානම කල්කියා හඳුනා ගැනීමට නොහැකි විමේන් සිදුවන ජිවිත හානි වල වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

වික්ටෝරියානුවන්ගෙන් දහස් ගණනක් නොදැනුවත්කම මත බඩවැල්, පියයුරු සහ පෙනහළු පිළිකා අවධානමින් පසුවන බවයි හඳුනාගෙන ඇත්තේ.

කෙසේ වෙතත් වික්ටෝරියානු සෞඛ්‍ය අංශ ජනතාව දැනුවත් කරන්නේ නොමිලේ පවත්වනු ලබන වෛද්‍ය සායනයන්ට සහභාගී වී ශරීරය තුළ හඳුනා නොගත් රෝග අවධානම් පිළිබඳ අවධානයෙන් පසුවීම මගින් සිදුවිය හැකි ජීවිත හානි අවම කර ගැනීමට උනන්දු වන ලෙසයි.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »