
ෆෙඩරල් රජය – ප්‍රාන්ත සහ ප්‍රාදේශිය ආණ්ඩු වල අධික වියදම මෙරට උද්ධමනය කෙරෙහි සෘජුව බලපා ඇති බව ප්‍රමුඛ පෙළේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් හෙළිදරව් කර තිබෙනවා.
එම වාර්තා පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගත කාලයට පෙර ෆෙඩරල් සහ ප්‍රාන්ත ආණ්ඩු වසරකට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 50 ක් වැඩිපුර වියදම් කර ඇති බවයි.
වියදම් අධික වීමත් සමග ඇතිවු උද්ධමනය සමනය කිරීම සඳහා ෆෙඩරල් සංචිත බැංකු පොලි අනුපාතිකය ඉහළ දැමීමට සිදුව තිබුණා.

දැනට පවතින වියදම් හිගය සමපාත නොකළහොත් ලබන වසර වන විට ජීවන වියදම තවදුරටත් වර්ධනය වනු ඇතැයි S&P විශේෂඥයින් පුරෝකතනය කර තිබෙනවා.
කෙසේ වෙතත් ඉදිරි වසර කිහිපය තුළ උද්ධමනය සියයට එකකින් හෝ අඩු කරගැනීමේ ඉලක්කයක් පවතින අතර මේ වන විට බැංකු පොලී අනුපාතිකය සටහන්ව ඇත්තේ සියයට 4.35ක් ලෙසයි.

මේ අතර අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රාන්ත බලධාරින් සමග පැවති සාකච්ඡාවලදි ප්‍රාන්තවලට ඩොලර් බිලියන 25ක් සහ අමතර සෞඛ්‍ය සහ රෝහල් අරමුදල් ද ලබා දීමට එකගව තිබෙනවා.