ෆෙඩරල් රජය සහ වික්ටෝරියා රජය අතර මත ගැටුම් / ජාතික උද්‍යාන කිහිපයක් අවධානමට

මරේ-ඩාලිං ද්‍රෝණියේ සැලැස්ම සම්බන්ධයෙන් ෆෙඩරල් රජය සහ වික්ටෝරියානු ප්‍රාන්ත රජය අතර හටගෙන ඇති මත ගැටුම් හේතුවෙන් ජාතික උද්‍යාන කිහිපයක් අවධානමට ලක්ව තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ ජීව විද්‍යාත්මක උද්‍යාන අතර වඩාත් ප්‍රසිද්ධ උද්‍යාන මින් දැඩි අවධානමකට ලක්ව ඇති අතර වඳවීයෑමේ තර්ජනයට ඇතුලත් සත්ව විශේෂ 57ක් වෙසෙන බව සඳහන්.

මරේ-ඩාලිං ද්‍රෝණි සැලැස්මේ ගැටලු හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ ජලගැලීම් නිම්ම 8ක පාරිසරික පද්ධතිය විනාශවීමේ අවධානමක් පවතින අතර වටිනා වෘක්ෂලතා බොහෝමයක් අධික වියළිබව හේතුවෙන් විනාශයට පත්ව තිබෙනවා.

අදාළ සැලැස්ම සම්බන්ධයෙන් ෆෙඩරල් රජය ගෙනා ඉදිරි යෝජනා වලට වික්ටෝරියානු ප්‍රාන්ත රජය එකග නොවුනහොත් පොදුරාජ්‍ය මණ්ඩලය විසින් වික්ටෝරියා හි ජල නිම්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති සඳහා ලබාදෙන අරමුදල් අවහිර වනු ඇති.

මේ වන විටත් මරේ-ඩාලිං ද්‍රෝණි සැලැස්මට එකගතාව පළ නොකළ එකම ප්‍රාන්තය වික්ටෝරියාව වන අතර එමගින් ඩොලර් මිලියන ගණනක ප්‍රතිලාභ ප්‍රාන්තයට අහිමි වන බවයි වාර්තා වන්නේ.

වික්ටෝරියානු ජල ඇමති හැරියට් ෂිං පැවසුවේ සංශෝධිත සැලැස්ම මගින් වික්ටෝරියානු ජනතාවට තර්ජනයක් වන බැවින් අදාළ ගිවිසුම් වලට එකගතාව පල කර නොහැකි බවයි.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »