
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සහ ලිංගික හිංසනයන්ට ලක්ව දිවි ගලවා ගත් පුද්ගලයින් සඳහා කෙටි පණිවුඩ ඔස්සේ සහන සැලසීමට නවතම උපදේශණ සේවාවක් ආරම්භ කර තිබෙනවා.
ග්‍රාමීය සහ දුශ්කර ප්‍රදේශවල වාසය කරන ජනතාවට අවශ්‍ය සහන සැලසීම මෙහි මූලික අරමුණ වන අතර ජාතික උපකාර සේවා මධ්‍යස්ථානය හා සෘජුව සම්බන්ධ විය නොහැකි අනාරක්ෂිත වින්දිතයින්ට මෙම සේවා වඩාත් වාසිදායක වනු ඇති.
ඒ අනුව විපතට පත් වූවන්ට 0458 737 732 යන දුරකතන අංකයට කෙටි පණිවුඩයක් යැවීමෙන් උපකාර පැතීම සිදු කළ හැකි අතර දැනට එම සේවා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් සිදු වනු ඇති.

සති දෙකකට පෙර සිට නව කෙටි පණිවුඩ උපකාර සේවා ආරම්භ කර ඇති අතර මේ වන විට එම සේවා හා සම්බන්ධවු වින්දිතයින් කිහිප දෙනෙකුට අවශ්‍ය උපකර ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සහ ලිංගික හිංසනයන් ලක්වන පිරිස් සඳහා උපකාර කිරීමට මෙවැනි ප්‍රවේශයක් තිබීම වඩාත් වැදගත් බව සමාජ සේවා අමාත්‍ය ඇමන්ඩා රිච්වර්ත් සඳහන් කර තිබෙනවා.

2022- 2023 මූල්‍ය වර්ශය තුළ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සහ ලිංගික හිංසනයන් අදාළව ජාතික උපකාර සේවා මධ්‍යස්ථානයට ලැබී ඇති ක්ෂණික ඇමතුම් ගණන 268,629 ක් වන අතර එම සේවා හා සම්බන්ධ වීමට නොහැකි වින්දිතයින් හට කෙටි පණිවුඩ ඔස්සේ සහන පැතිමට අවස්ථාව හිමි වීම විශේෂත්වයක්.