ඔස්ට්‍රේලියාවේ නිවාස දහතුන් දහසක විදුලි සැපයුමට බාධා

ඔස්ට්‍රේලියාවේ අහිතකර කාලගුණ තත්වය නිසා නිවාස දහතුන් දහසකට අධික සංඛ්‍යාවකට විදුලි බලය අහිමිව ඇතැයි වාර්තා වෙනවා.

ඊට හේතු වී ඇත්තේ දකුණු ඔස්ට්‍රේලියාවට පසුගිය පැය 24 තුළ ඇති වූ අකුණු තිස් දහසකට වැඩි සංඛ්‍යාවක් බවයි සඳහන් වන්නේ.

ඔස්ට්‍රේලියාව පුරා ලැව් ගිනි ව්‍යාප්තව තිබෙනවා. පාලනය කිරීමට ගිනි නිවන අංශවල සේවකයන් දැඩි ප්‍රයත්නයක් දරමින් සිටිනවා.

ගිනි වලින් කිසිදු නිවසකට හානි වී නැහැ. දකුණු ඔස්ට්‍රේලියා ගිනි නිවන අංශ කියා සිටින්නේ අවධානයක් යොමු කළ යුතු මට්ටමින් ලැව් ගිනි පැතිර ඇති බවයි.

සෙල්සියස් අංශක හතළිහට වැඩි උෂ්ණත්වයක් වාර්තා වන අතර පැයට කිලෝමීටර් අනූවට වැඩි සුළං ප්‍රවාහයක් ද new south wales සහ දකුණු ඔස්ට්‍රේලියාවට බලපා තිබෙනවා. තත්වය මත ප්‍රදේශ කිහිපයක ගින්දර භාවිතය සීමා කිරීමට ද පියවර ගැනෙනවා.

New South Wales සෞඛ්‍ය විධායක අධ්‍යක්ෂ ජෙරමි මැක්අනල්ටි කියා සිටින්නේ ජනතාව උෂ්ණත්වය සම්බන්ධ රෝගාබාධ වලින් වැළකී සිටීම සඳහා පියවර ගත යුතු බවයි.

උණුසුම් කාලසීමාවල නිවසෙන් බැහැරව නොයාම එක් ක්‍රියාමාර්ගයක් බවයි ඔහුගේ අදහස.

නිවාස වල දොර ජනෙල් විවෘත නොකර වසා තැබීම ද ආරක්ෂිත පියවරක්.

වායු සමන යන්ත්‍ර හෝ ලංකා භාවිතය වැඩි කළ යුතුයි. උදා කාලයේ පවතින සීත සහිත තත්වයේදී ක්‍රියෑකාරකම් හැකි තරම් පාලනය කළ යුතු බවද ඔහු පෙන්වා දෙනවා.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »