
ප්‍රාග්ධනය සොයාගත් ආකාරය පිළිබඳ නිශ්චිත තොරතුරු හෙළිදරව් කිරීමට අපොහොසත්වීමේ චෝදනා මත ANZ බැංකුවට ඩොලර් ලක්ෂ 09 ක දඩයක් නියම කර තිබෙනවා.
2015 වසරේදී කොටස් මිලියන ගණනක් අලෙවි කිරීමෙන් ඔවුන් ඩොලර් බිලියන 2.5 ක වත්කමක් උපයා ගනු ලැබුවා.
කෙසේවෙතත් ඒ සම්බන්ධ පැහැදිලි තොරතුරු ප්‍රසිද්ධ නොකල බවටයි ANZ බැංකුවට චෝදනා එල්ල වූයේ.

ඒ අනුව ෆෙඩරල් අධිකරණයක් විසින් පසුගිය මාසයේදී ඔවුන්ට එරෙහිව තීන්දුවක් ප්‍රකාශ කරමින් සඳහන් කලේ පුද්ගලික නීති කඩ කර ඇති බවයි.
ඔස්ටේ්‍රලියානු සුරැකුම්පත් කොමිසමට වෙනම වන්දියක් ගෙවන ලෙසටද මෙහිදී තවදුරටත් නියම කෙරුණා.
