NSW මාර්ග ගාස්තු වට්ටම් ජනවාරි 01 සිට

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ මාර්ග ගාස්තු සංශෝධන සහ මාර්ග ගාස්තු වට්ටම් ලබන ජනවාරි පළමුවන දා සිට බලාත්මක වනවා.

ඒ අනුව ප්‍රාන්ත මාර්ග භාවිත කරන 72,000කට අධික මෝටර් රථ හිමියන්ට සතිපතා ඩොලර් 60 ක උපරිම සීමාවකට යටත්ව මාර්ග ගාස්තු අදාළ වේ.

නව ගාස්තු සංශෝධනයත් සමග සතිපතා ඩොලර් 400කට අධික මුදලක් වැය කරන මෝටර් රථ රියදුන් හට ඩොලර් 340ක උපරිමයකට යටත්ව වට්ටම් හිමිවනු ඇති.

මේ අතර සතිපතා මාර්ග ගාස්තු සඳහා ඩොලර් 200ක් වැය කරන රියදුරන් හට වාර්ෂිකව ඩොලර් 7280ක වට්ටම් හිමිවන බවයි නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය ඇස්තමේන්තුගත කර ඇත්තේ.

මහා මාර්ග අමාත්‍ය ජෝන් ග්‍රැහැම් අවදාරණය කර ඇත්තේ මෙලෙස මාර්ග ගාස්තු වලට අදාළ වට්ටම් හිමිවීම ජීවන විටදම හමුවේ පීඩා විදින ඔස්ටේ්‍රලියානුවන්ට වැඩි වාසි අත්වන බවයි.

කෙසේ වෙතත් අදාළ වට්ටම් ලබා ගැනීම සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පදිංචිකරුවෙකු විය යුතු අතර මෝටර් රථ රියදුරන් සුදුසුකම් ලත් සේවා සපයන්නෙකු යටතේ ලියාපදිංචි වීම අනිවාර්ය වනවා.

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »