
ආහාර ද්රව්ය අපතේ හැරීම අත්හිටුවිය යුතු බව ඔස්ට්රේලියා විශේෂඥයන් අවධාරණය කරනවා.
එය මුදල් ඉතිරි කර ගැනීමේ මාර්ගයක් ද වෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මෙදිනට පෙර භාවිත කරන්නැයි ආහාර ද්රව්යවල සඳහන් කිරීම අනවශ්ය බවයි ඔවුන්ගේ අදහස.

කල් ඉකුත් වීමේ දිනය සහ මෙදිනට පෙර භාවිත කරන්නැයි සඳහන් කිරීම අතර වෙනස වටහා ගැනීමට පාරිභෝගිකයන්ට නොහැකි බවයි ආහාර අපතේ යැවීමට එරෙහි පර්යේෂණ මධ්යස්ථානය සඳහන් කරන්නේ.
කල් ඉකුත් වන දිනයෙන් පසු ආහාර යක් අනිවාර්යෙන්ම ඉවත් කළ යුතු බව මහාචාර්ය සයිමන් ලොක්රේ පෙන්වා දෙනවා.

එහෙත් යම් දිනයකට පෙර භාවිත කරන්නැයි ආහාර එක සදහන් වන්නේ නම් ඉන් අදහස් වන්නේ එහි ගුණාත්මකභාවයෙහි අඩුවක් එදිනෙන් පසු ඇති විය හැකි බවයි.
එහෙත් එවැනි ආහාර භාවිතයෙන් සෞඛ්ය තර්ජන යක් මතු නොවන බව ද ඔහු පෙන්වා දෙනවා.
එනිසා ඔස්ට්රේලියාවේ භාවිත වන ආහාර වලින් මෙදිනට පෙර සුදුසු යැයි සඳහන් වීම ඉවත් කළ යුතු බවයි පර්යේෂණ මධ්යස්ථානයේ අදහස.
වාර්ෂිකව ආහාරද්රව්ය මෙට්රික් ටොන් මිලියන 7.6 ක් ඔස්ට්රේලියාවේ අපතේ යැවෙනවා.
ඉන් සියයට 70 ක් භාවිතයට ගත හැකි තත්ත්වය පවතින බවයි හෙළිව තිබෙන්නේ.
එහෙත් ෆුඩ් ස්ටෑන්ඩර්ඩ්ස් ඔස්ට්රේලියා කියා සිටින්නේ මෙදිනට පෙර භාවිත කරන්නැයි සඳහන් දැනුම්දීම් ඉවත් කිරීමට දැනට සූදානම් නැති බවයි.