පතල් ක්ෂේත්‍රයට බලපෑම් කරන බවට ලේබර් රජයට චෝදනා

පතල් ක්ෂේත්‍රයට විවිධ බලපෑම් කරන බවට එම ක්ෂේත්‍රයේ සේවකයන් ලේබර් පක්ෂ රජයට චෝදනා කරනවා.

එකම රැකියාවෙහි නිරත සියලු සේවකයන්ට සමාන වැටුපක් ලැබිය යුතු බවට රජය විසින් ඊයේ ප්‍රකාශයට පත්කල නීති ප්‍රතිසංස්කරණ මීට ප්‍රධාන හේතුවයි.

මෙම නව රෙගුලාසි හමුවේ ඔස්ටේ්‍රලියානු පතල් කර්මාන්තය කඩා වැටීමකට ලක්විය හැකි බවටයි අනාවැකි පළවන්නේ.

මේ හරහා එකම රැකියාවක නිරත වන සුදුසුකම් ඉහළ සහ පහළ යන සේවකයන් සියල්ලන්ට එකම වැටුප් තලයක් අනුගමනය කිරීම පිළිගත නොහැකි බව සේවකයන්ගේ මතය වී තිබෙනවා.

මෙම වසරේ අවසාන පාර්ලිමේන්තු දිනයේදී නව සංශෝධන සම්මත කරගැනීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »