Search

මැක්ඩොනල්ඩ්ස්ට එරෙහිව $ මිලියන ගණනක වන්දි ඉල්ලා නඩු

මැක්ඩොනල්ඩ්ස් ක්ෂණික ආහාර අවන්හල් ජාලයට එරෙහිව ඔස්ට්‍රේලියා ආහාර කර්මාන්ත සේවක වෘත්තිය සමිතිය විසින් ඩොලර් මිලියන ගණනක වන්දි මුදලක් ඉල්ලා නඩුවක් පවරා තිබෙනවා.

ඒ සේවකයන් විසින් රැකියාවල නිරත වූ පැය ගණනට අදාළව නිසි වැටුප් ගෙවා නැතැයි කියන කරුණක් පාදක කරගෙනයි.

ඔස්ට්‍රේලියාව පුරා ස්ථාපිත කර ඇති මැක්ඩොනල්ඩ්ස් අවන්හල් 1,000 ක පමණ සේවයේ නියුතු කළමණාකරුවන් සහ සුපරීක්ෂකයන් 25,000 කට පමණ ඩොලර් මිලියන 100 ක පමණ හිග වැටුප් මෙලෙස ලැබිය යුතු බවයි පැවසෙන්නේ.

සේවා මුරයට ඇතුළත් වැටුප් සහිත විනාඩි 30 ක කෙටි විවේකය සඳහා නියමිත පරිදි ගෙවීම් සිදුකර නොමැතිවීම මැක්ඩොනල්ඩ්ස් ආයතනයට එරෙහි චෝදනාව වනවා.

පසුගිය වසර 06 පුරා මෙම ක්‍රියාව සිදුව ඇති බවයි පැවසෙන්නේ.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »