Search

ලබන වසරේදී ඔස්ට්‍රේලියාව තුළ කිරි මිළ ගණන්වල පහළයාමක්

ලබන වසරේදී ඔස්ට්‍රේලියාව තුළ කිරි මිළ ගණන්වල පහළයාමක් සිදුවනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

ගෝලීය සැපයුම්වල අඩාලවීම් සහ කාළගුණ ව්පර්යාස හේතුවෙන් මෙම වසරේදී මෙරට කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිළ ගණන්වල සීඝ්‍ර ඉහළයාමක් දක්නට ලැබුණා.

කෙසේවෙතත් ලබන වසරේදී කිරි මිළ ගණන් සියයට 20 ත් 40 ත් අතර අගයකින් අඩුවනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.

ලබන වසරේදී නිෂ්පාදන පිරිවැය මෙන්ම පොහොර මිළ ගණන්වල සැළකිය යුතු අඩුවීමක් සටහන් වනු ඇතිවීම ඊට හේතුවයි.

2024 වසරේදී ඔස්ට්‍රේලියාවේ කිරි සැපයුම සියයට 0.3 ක වැනි සුලු වර්ධනයක් අත්කර ගනු ඇති බවටයි තවදුරටත් අනාවැකි පළවන්නේ.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »