බීමත් රියදුරන් අතුරින් වැඩි පිරිසක් NSW ප්‍රාන්තයෙන්

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

NRMA දත්ත අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවු මාස කිහිපය තුළ අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් සංඛ්‍යාව 919 ඉක්මවා ඇති අතර මාර්ග අනතුරු හේතුවෙන් ප්‍රාන්තයේ පුද්ගලයින් 331ක් මියගොස් තිබුණා.

එම අගය පසුගිය වසරට සාපේක්ෂව මරණ 69ක වැඩීවිමක් වන අතර මෙම වසරේ නිව් සවුත් වේල් ප්‍රාන්තයේ මාර්ග අනතුරු හේතුවෙන් මියගිය වුන් අතුරින් 35ක් බිමත් රිය පැදවීම් ආශ්‍රිත සිදුවීම් බවයි වාර්තා වන්නේ.

මේ අතර බීමත්ව රිය ධාවනය කරන ප්‍රදේශ අතුරින් දෙවන ස්ථානයට පත්ව ඇත්තේ සිඩ්නි නගරය වන අතර ගෙවුනු මාස කිහිපය තුළ බිමත් රියදුරන් 579ක් හඳුනාගෙන තිබුණා.

බීමත්ව රිය පදවන්නන්ට එරෙහි ඩොලර් 2200 උපරිමයකට යටත් දඩ මුදලක් සහ මාස 6ක කාලයක් සඳහා රියදුරු බලපත්‍රය අවලංගු වීමක් ද සිදු වනු ඇති.

උත්සව සමය හා සමගාමීව බිමත් රියදුරන්ගේ සංඛ්‍යාව වැඩිවීමක් සිදුවිය හැකි අතර රට පුරා බීමත් රියදුරන් වැටලීම සඳහා අවශ්‍ය සේවා පුලුල් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

බිමත්ව රිය ධාවනයට පෙර තමන්ගේ මෙන්ම අනෙකාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිල්ලෙන් පසුවන ලෙස රියදුරන්ට වැඩිදුරටත් දන්වා සිටින අතර මාර්ග අනතුරු බහුල කලාප හදුනාගනිමින් අනතුරු පාලනය සඳහා ද නව යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

පිහියකින් සන්න්ධ වූ මෙල්බන් කාන්තාවට පොලිසියෙන් වෙඩි

මෙල්බර්න් තෝන්බරි ප්‍රදේශයේදී පිහියකින් සන්නද්ධව සිටි කාන්තාවකට පොලිසිය කළ වෙඩි තැබීමකින් ඇය තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

පිහි අපරාධ පාසල්වලටත් පැතිරෙයි?

බටහිර ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්ෆීල්ඩ්ස්හි (Goldfields) පාසලකදී සිසුවෙක් විසින් පිහියක් පෙන්වා තවත් සිසුවෙකුට තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් බටහිර ඔස්ට්‍රේලියා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාර පිළිබඳ දෙමාපියන් කනස්සල්ල පළ කර තිබෙනවා.

Read More »

මෙල්බන් සුපිරි වෙළඳසැල් කොල්ලයේ තවත් තොරතුරු එළියට

මෙල්බර්න් නගරයේ සුපිරි වෙළඳසැල් හතරකට තියුණු ආයුධ සහිතව කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායම හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමට සූදානම් බව පොලිසිය පවසනවා.

Read More »

ශ්‍රී ලංකා කණ්ඩායම සමාව ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමස්ත ක්‍රීඩා ලෝලීන්ගෙන් මෙන්නම රටෙන්ම සමාව ඉල්ලන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

Read More »

උපන් දිනය පෙනි පෙනී “සිඩ්නි” ගුවන් යානයේදී මියයයි

චිකාගෝ වෙත ගමන් කරමින් තිබූ ගිය ස්කයිවෙස්ට් ගුවන් යානයකදී අට හැවිරිදි දැරියක් හදිසියේ මිය යාම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.

Read More »

ස්කොට්ලන්තයට එරෙහි තරගයෙන් ඔස්ට්‍රේලියාවට තියුණු ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග අද පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා. තරගයේ කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් රැස් කළා. පන්දු යැවීමේදී ග්ලේන් මැක්ස්වෙල් කඩුලු 2ක් බිඳහෙලුවා. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. Travis Head ලකුණු 68ක් ලබා ගත්තා. මේ

Read More »