Search

ආපනශාලා තුල භාවිත කරන මුහුදු ආහාර ගෙන්වන රට පිළිබඳ දැනුවත් කිරීමේ ලේබලයක්

ආපනශාලා, කැෆේ – සමාජ ශාලා තුල භාවිත කරන මුහුදු ආහාර ගෙන්වන රට පිළිබඳ දැනුවත් කිරීමේ ලේබලයක් ප්‍රදර්ශණය කිරීමේ නව ක්‍රියාමාර්ගක් ෆෙඩරල් රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පාරිභෝගිකයින්ට ඔවුන් අනුභව කරන මුහුදු ආහාර ඔස්ට්‍රේලියාවෙන් හෝ විදේශයෙන් පැමිණෙන්නේ දැයි දැන ගැනීමට එය සහතිකයක් වනු ඇති.

ඒ අනුව අදාළ මුහුදු ආහාර, නිශ්පාදනය කර ඇත්තේ ඔස්ටේ්‍රලියාව තුළ ද, විදේශ රටක ද එසේත් නැතිනම් රටවල් කිහිපයක එකතුවක් ද යන්න පැහැදිලිව දැනගැනීමට පාරිභෝගිකයින්ට හැකියාව පවතිනවා.

මේ අතර නව ක්‍රමවේදය ඔස්සේ දේශීය මත්ස්‍ය කර්මාණ්තයට වඩාත් වාසි අත්වනු ඇතැයි ධීවර සංගම් විශ්වාසය පල කර තිබෙනවා.

2024 වසරේ සිට පාරිභෝගිකයින් හට තමන් අනුභව කරන මුහුදු ආහාරවල අනන්‍යතාව දැනගැනීමේ හැකියාව ලැබෙනු ඇති.

කෙසේ වෙතත් ඉදිරියේ දී දේශිය මත්ස්‍ය නිශ්පාදන කෙරෙහි පාරිභොගිකයින් ගේ ඉල්ලුම වැඩිවිමක් අපේක්ෂා කරන අතර වඩාත් තිරසර මත්ස්‍ය කර්මාණ්තයටක් රට තුළ නිර්මාණය කිරීම ෆෙඩරල් රජයේ අරමුණයි.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »