Search

ඔස්ට්‍රේලියානුවන්ට රැකියා සඳහා ප්‍රවේශ වීමේ හැකියාව දුෂ්කර වෙයි

සුදුසුකම් හෝ වසර කිහිපයක පළපුරුද්ද නොමැති වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට රැකියා සඳහා ප්‍රවේශ වීමේ හැකියාව වඩාත් දුෂ්කර වි ඇති බව නවතම වාර්තා මගින් හෙළිව තිබෙනවා.

මූලික මට්ටමේ ප්‍රවේශ රැකියා සඳහා ඉල්ලුම් කරන ක්ශේත්‍ර 26ක් එමේ වන විට හඳුනා ගෙන ඇති අතර පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ප්‍රවේශ රැකියා පුරාප්පාඩු සංඛ්‍යාව සීමා වි ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ගෙන් ලක්ෂ 6කට ආසන්න පිරිසක් රැකියා සොයමින් සිටින අතර පළපුරුද්ද සහ සූදුසුකම් රැකියා ප්‍රවේශ සඳහා බලපෑම් කර තිබෙනවා.

නිසි පාසැල් වයස සම්පූර්ණ නොකල / ආබාධ සහිත පුද්ගලයින් සහ වැඩිහිටිවියේදී රැකියා අහිමි වුවන් වැඩි අවධානමක් සහිත පුද්ගලයින් බව හඳුනාගෙන ඇති අතර ඔවුන් අතුරින් වසර 4ක සිට රැකියා සොයන්නන් සිටින බවයි වාර්තා වන්නේ

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු වාණිජ මණ්ඩලය අවධාරණය කර ඇත්තේ අබාධ සහිත පුද්ගලයින්ට සහ වැඩිහිටි ප්‍රජාවට රැකියා වෙළඳපල තුළ නව රැකියා ඉල්ලුමක් ඇති කල යුතු බවයි.

ශ්‍රම බලකාය පුළුල් කිරීම තුළින් පුද්ගල ආර්ථික ශක්තිමත් කිරීම සඳහා රජයේ දායකත්වය ද වැදගත් බව විචාරකයින් පවසනවා.

ජීවන වියදම හමුවේ විරැකියාවෙන් පීඩා විදින පුද්ගලයින් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීම සඳහා රැකියා ප්‍රවේශ පුලුල් කර යුතු බව වාණිජ මණ්ඩලය අවධාරණය කර තිබෙනවා.

ටැටූ ගහල නම් රැකියා නැහැ – ශ්‍රී ලංකා පොලීසියෙන් අවවාදයක්

ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »