
සමාජ මාධ්‍ය ඔස්සේ නිවාස ලබා දෙන මුවාවෙන් සිදුවෙන වංචනික ක්‍රියා සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අන්තර්ජාලය හරහා කුලී නිවාස සොයන්නන් ඉලක්ක කර ගනිමින් අදාළ වංචනික ක්‍රියාවන් සිදු වන අතර මුදල් ගෙවීමට පෙර එහි විශ්වාසනීයත්වය කෙරෙහි සොයා බලන ලෙසයි ජනතාව දැනුවත් කර ඇත්තේ.
Scamwatch සඳහන් කළේ අන්තරජාල අළෙවිකිරීම් සම්බන්ධ වාර්තා වු පැමිණිලි අතුරින් කුලී නිවාස වංචා වාර්තාවීමේ සංඛ්‍යාව සියයට 57ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මෙම වසරේ ගෙවුණු මුල් මාස 10ක කාලසීමාව තුළ කුලී සහ නවාතැන් වංචා පිළිබඳ පැමිණිලි 800ක් Scamwatch වෙත වාර්තා වු අතර පසුගිය වසරට සාපේක්ෂව පැමිණිලි 600ක වැඩි වීමක් බව සඳහන්.
එලෙස වාර්තා වු පැමිණිලි අතුරින් වැඩි ප්‍රමාණයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළවු ව්‍යාජ දැන්වීම් වන අතර කුලී නිවාස සපයනු ලබන නිත්‍යානුකූල වෙබ් අඩවි පමණක් පරිශිලනය කරන ලෙස ජනතාවට වැඩිදුරටත් උපදෙස් ලබා දෙනවා.

මිලදී ගැනීම් වලට පෙර අදාළ කුලී නිවෙස් වෙත ගොස් නිසි පරික්ෂාවකින් පසු මුදල් ගෙවිම තුළින් සිදුවිය හැකි මූල්‍ය වංචා පාලනය කිරීමට හැකි වනු ඇති.