මෙවර නත්තලේ ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම $ බිලියන 30 ක්

උත්සව සමයට සමගාමීව සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුගේ වියදම ඩොලර් 1479ක් බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

ඒ අනුව නත්තල් කාලය තුළ තෑගි, ආහාර, මධ්‍යසාර සහ සංචාර සඳහා මෙලෙස මුදල් වැය කිරීමට සුදානම් වන අතර සමස්ථ ඔස්ට්‍රේලියානුවන්ගේ උත්සව වියදම ඩොලර් බිලියන 30 ක් බවයි පුරෝකතනය කර ඇත්තේ.

එම අගය පසුගිය 2022 වසරට සාපේක්ෂව සියයට 10ක වැඩීවිමක් වන අතර වියදම් අතුරින් සංචාරය සඳහා ඇස්තමේන්තුගත ඒක පුද්ගල වියදම ඩොලර් 533 ක්.

වික්ටෝරියානු ප්‍රාන්තය උත්සව සමයට සමගාමිව මුදල් වියදම් කිරීමේ ප්‍රමුඛ ප්‍රාන්තය බවට පත්ව ඇති අතර එක පුද්ගල වියදම ඩොලර් 1765ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබෙනවා.

නිව් සවුත් වේල්ස් හි එක් පුද්ගලයෙකු ඩොලර් 1657ක් ද, බටහිර ඕස්ට්‍රේලියානුවෙකු ඩොලර් 1200ක් ද, දකුණු ඕස්ට්‍රේලියානු පුද්ගලයෙකු ඩොලර් 1160ක් වැය කිරීමට නියමිත අතර ක්වින්ස්ලන්ඩ් වැසියෙකු අවම වශයෙන් ඩොලර් 1064ක මුදලක් වැය කිරිමට සුදානම් බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන් තරුණ සහ මැදිවියෙහි පසුවන්නන්ගේ උත්සව වියදම සාපේක්ෂ වැඩි අගයක් ගන්නා අතර ආහාර සහ තෑගි මුලදී ගැනීමට වැඩි ප්‍රමුඛතාවක් දෙන බව සඳහන්.

කෙසේ වෙතත් Finder සමීක්ෂණ දත්ත අනුව ඊට සහභාගිවුවන් අතුරින් සියයට 69ක් සඳහන් කර ඇත්තේ උත්සව සමයේ බොහෝ වියදම් කපා දැමීමට පියවර ගත් බවයි.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »