ඕස්ට්‍රේලියාව තුල අධික ලෙස බෝවන කොරෝනා වයිරස් ප්‍රභේදය සහිත ආසාදිතයින් වාර්තා වුවද එක්සත් රාජධානියේ සිට පැමිණෙන​ ගුවන් ගමන් තහනම් නොකරනු ඇත.

Guangzhou Flight Arrives In Perth As Australia Issues Entry Restrictions On Foreign Nationals AIR PORT

ඕස්ට්‍රේලියාව තුල අධික ලෙස බෝවන කොරෝනා වයිරස් ප්‍රභේදය සහිත ආසාදිතයින් වාර්තා වුවද එක්සත් රාජධානියේ සිට පැමිණෙන​ ගුවන් ගමන් තහනම් නොකරනු ඇත.

ගිනිකොනදිග එංගලන්තය පුරා පැතිරී ඇති COVID-19 බෝවන කොරෝනා වයිරස් ප්‍රභේදය හේතුවෙන් එක්සත් රාජධානියෙන් ගුවන් ගමන් තහනම් කිරීමට රටවල් ගණනාවක් තීරණය කර​ ඇත.

නමුත් ඕස්ට්‍රේලියානු බලධාරීන් පවසන්නේ ඔවුන් හදිසි වී  දැඩි සීමාවන් පැනවීමට සැලසුම් නොකරන බවයි.

රටේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී Paul Kelly එම තීරණයට ප්‍රධාන හේතු ඉදිරිපත් කරනු ලැබුවා. ඔහු පවසන්නේ ඕස්ට්‍රේලියාවේ හෝටල් නිරෝධායන පද්ධතිය ‘ඉතා ආරක්ෂිත හා ඵ​ලදායී’ බවයි.

මහාචාර්ය Kelly හෙළි කළේ  COVID-19 හි මෙම විකෘති නව ප්‍රභේදය  පිළිබඳ සිද්ධීන් හතරක් දැන් ඕස්ට්‍රේලියාවේදී අනාවරණය වී ඇති බවයි.

නමුත් ඔහු තර්ක කළේ විදේශීය සංචාරකයින්ට ඕස්ට්‍රේලියාවේ දින 14 ක් හෝටල් නිරෝධායනය සඳහා ගත කිරීමට සලසා ඇති ක්‍රමවේදය, අනෙකුත් බොහෝ රටවල්හි දේශසීමා එක්සත් රාජධානියට වසා දැමීමට වඩා දැඩි බවය.

“එක්සත් රාජධානියේ සිට යමෙකු එම වෛරසය සමඟ පැමිණියත්, එය ඕස්ට්‍රේලියානු හෝටල් නිරෝධායනය තුළම පාලනය වනු ඇත” ඔහු පැවසීය.

ඕස්ට්‍රේලියානුවන් 40,000 කට ආසන්න සංඛ්‍යාවක් තවමත් විදෙස් රටවලින් ආපසු පැමිණීමට බලාපොරොත්තු වන අතර​, ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර පැමිණීම් සීමා කර ඇති බැවින් ඕස්ට්‍රේලියානුවන් බොහෝ දෙනෙකුට තම මව් රටට ගුවන් ගමනක් ලබා ගැනීම දුෂ්කර වී තිබේ.

(9News)

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »

දේවස්ථානයේ පිහි ඇනුමට අත්අඩංගුවට ගත් පිරිමි ළමයාගෙන් ප්‍රකාශයක්

සිඩ්නි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනිමේ සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකා විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා.

Read More »