Search

මිල ගණන් දෝෂ හේතුවෙන් අගතියට පත් Coles පාරිභෝගිකයින්ට මුදල් ආපසු ගෙවිමට පියවර

Coles සුපිරි වෙළඳසැල්හි අළෙවිය සඳහා තිබු භාණ්ඩ කිහිපයක මිල ගණන් දෝෂ හේතුවෙන් අගතියට පත් දහස් ගණන් පාරිභෝගිකයින් වෙත මුදල් ආපසු ගෙවිමට Coles පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ප්‍රවර්ධන කාලසීමාව අවසන් වීමට පෙර නිශ්පාදන 20ක මිල ගණන් වැරදි ලෙස සටහන් කිරීම මීට හේතුවු බවයි වාර්තා වන්නේ.

මෙලෙස ප්‍රවර්ධන දීමනා අතරතුර ජනප්‍රිය අයිතමයන්හි මිල ගණන් ඉහළ දැමීමෙන් පාරිභෝගිකයින්ට සිදුවු අපහසුතාව සම්බන්ධයෙන් Coles පාලනාධිකාරිය සමාව අයැද තිබෙනවා.

මේ හේතුවෙන් අගතිවයටපත් පාරිභෝගිකයින් හට විද්්‍යුත් තැපෑල ඔස්සේ මේ වන විටත් අදාළ දැනුවත් කිරීම් සිදු කර ඇති අතර ඕනෑම පාරිභෝගිකයෙකුට ඒ සම්බන්ධයෙන් දැනුවත්වීමට අවස්ථාව ලබා දි ඇති බව සඳහන්.

පවතින ජීවන වියදම හමුවේ මෙලෙස මිලගණන් වැඩි කිරීම පාරිභෝගිකයින් වෙත අමතර වැය බරක් වන අතර කඩිනමින් අදාළ මුදල් පාරිභෝගිකයින් වෙත ලබා දීමට සැළසුම් කර ඇති බවයි Coles නිවේදනය කර ඇත්තේ.

අදාළ අයිතම මිලදී ගත් පාරිභෝගිකයින් එම රිසිට්පත් Coles වෙළදසැල් වෙත ඉදිරිපත් කිරීමේන් මුදල් ලබා ගැනීමේ හැකියාව පවතින අතර පාරිභෝගිකයින් වැඩි හරියක් භාණ්ඩ මිලදි ගැනීමේ දි තමන්ට අගතියක් සිදුව ඇතැයි යන්න දැනුවත් නොමැති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් අදාළ නිශ්පාදන අතුරින් අයිතම 8ක් නැවත මිල සංශෝධනය කර වෙළඳපල වෙත යොමු කර ඇති අතර අනෙක් අයිතම 12 හැකි ඉක්මනින් මිල සංශෝධනය කර වෙළඳසැල් වෙත යොමු කිරීමට නියමිතයි.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »