Search

වචන හුවමාරුවක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා නීතිපති සමාව අයදියි

උණුසුම් වචන හුවමාරුවක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා නීතිපති, ජනමාධ්‍යවේදියාගෙන් සමාව අයැදි බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසනවා.

ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නීතිපතිවරයා සහ මාධ්‍යවේදී කාන්තාවක අතර වචන හුවමාරුවක් සිදුවුණා.

නීතිවිරෝධී සංක්‍රමණිකයන් මුදා හැරීමේ තීරණය සහ මුදා හැර සිටි කිහිපදෙනෙකු විවිධ නීති උල්ලංඝනය මත අත් අඩංගුවට ගැනුණා.

ඒ මුදා හැර සිටි 149 දෙනෙකුගෙන් හතර දෙනෙක්.

අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් මුදා හැරීම සම්බන්ධව රජය සමාව අයදින්නේදැයි මාධ්‍යවේදිනිය ප්‍රශ්න කළා.

එහිදී උණුසුම් වචන හුවමාරුව සිදුවුණා.

ඒ සම්බන්ධව විපක්ෂයද චෝදනා කළ ප්සුබිමක, අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ නීතිපති සමාව ඉල්ලූ බවයි.

පැවති හා උද්ගත වූ තත්වය අනුව වචන හුවමාරුව සිදුවූ බවද ඔහු පවසනවා.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »