
පලස්තීනයට සහය පළකරමින් මෙල්බන් පාසල් රැසක සිසුන් අද දිනයේ ෆ්ලින්ඩර්ස් දුම්රිය ස්ථානය අසල දැවැන්ත විරෝධතාවයක නිරත වී තිබෙනවා.
ඒ සඳහා විශ්ව විද්‍යාල කිහිපයක සිසුන්ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
මෙල්බන් නගර මධ්‍යයේ පැවති මෙම විරෝධතාවය හමුවේ නගරයේ පොලිස් ආරක්ෂාවද ඉහළ මට්ටමක පැවති බව සඳහන්.

ඉදිරියටත් මෙවැනි විරෝධතා පවත්වන බවටත් උද්ඝෝෂණයට එක්වු සිසුන් අවධාරණය කර තිබෙනවා.
මේ අතර ඉදිරි දිනවලදී ඇඩිලේඩ් – සිඩ්නි සහ කැන්බරා නගරවලදීත් උසස් පාසල් සිසුන් විසින් මේ හා සමාන විරෝධතා සංවිධාන කර ඇති බවයි පැව්සෙන්නේ.
