Search

මෙල්බර්න්හි රථවාහන ධාවනයට බාධා

කාලගුණ තත්වවලට අවධානය යොමුකරවීමේ අරමුණෙන්, විරෝධතාකරුවන් මෙල්බර්න්හි රථවාහන ධාවනයට බාධා මතුකර තිබෙනවා.

දිනයේ උදේ වරුවෙහි පැය භාගයක පමණ කාලයක් මෙල්බර්න් හි රථවාහන ධාවනයට බාධා මතු වුණා.

30 ක පමණ පිරිසක් ඊට එක්ව සිටියා.

පොලිසියේ මැදිහත්වීමෙන් විරෝධතාකරුවන් පදික මංතීරු වෙත යොමු කෙරුණා.

කාලගුණය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් සතියක් විරෝධතා සැලසුම් කර තිබෙනවා.

සවස් කාලයේ නැවතත් විරෝධතාකරුවන් මාර්ගය ඔස්සේ ක්වීන් වික්ටෝරියා මාකට් වෙත ගමන් කිරීමට උත්සාහ දරා තිබෙනවා.

එහෙත් මෙල්බර්න් නගරය මධ්‍යයට ඇතුලුවීමට පොලිසිය ඔවුන්ට අවකාශ සලසා නැහැ.

ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ වගකීම අමතක කළයුතු නැතැයි විරෝධතාකරුවන් අවධාරණය කරනවා.

විරෝධතා නිසා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදාත් මෙල්බර්න් නගරය ආශ්‍රිතව රථවාහන තදබදයක් ඇතිවිය හැකියැයි විශ්වාස කෙරෙනවා.

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »