
ඔස්ට්‍රේලියා දේශපාලනඥයන් පිරිසක් ඊශ්‍රායල සංචාරයක නිරතවීමට සූදානම් වෙනවා.
විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයන් ඊට ඇතුළත්.
දින කිහිපයක් ඊශ්‍රායලයේ ගත කිරීම ඔවුන්ගේ අරමුණයි .

ඊශ්‍රායලයේ ප්‍රධාන පෙළේ නියෝජිතයන් සමග සාකච්ඡා කිහිපයක ඔවුන් නිරත වෙනවා.
ඊට අමතරව, හමාස් සටන් කාමීන් ආක්‍රමණය කළ ප්‍රදේශ කිහිපයක නිරීක්ෂණ චාරිකාවකටද ඔවුන් එක්වීමට නියමිතයි.

ඡායා විදේශ අමාත්‍යවරයා ලෙස හැඳින්වෙන සයිමන් බර්මින්ග්හැම් සහ කම්කරු පක්ෂ මන්ත්‍රී ජොශ් බර්න්ස් කණ්ඩායම මෙහෙයවනවා.
මීට ග්‍රීන්ස් පක්ෂයේ කිසිවෙකු සම්බන්ධ නොවීම විශේෂත්වයක්.