ලංකාවේත් බේබි ෆාම් එකක්! අලුත උපන් ළමුන් 30ක් පමණ විකුණූ ජාවාරමක තොරතුරු හෙලිවේ. – AusLanka TV – Australian News for the Sri Lankan community

ලංකාවේත් බේබි ෆාම් එකක්! අලුත උපන් ළමුන් 30ක් පමණ විකුණූ ජාවාරමක තොරතුරු හෙලිවේ.

ලංකාවේත් බේබි ෆාම් එකක්! අලුත උපන් ළමුන් 30ක් පමණ විකුණූ ජාවාරමක තොරතුරු හෙලිවේ.

ලංකාවේත් බේබි ෆාම් එකක්! අලුත උපන් ළමුන් 30ක් පමණ විකුණූ ජාවාරමක තොරතුරු හෙලිවේ.

ළමුන් අලෙවි කිරීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අලුත උපන් දරුවන් 30 දෙනෙකු ඔහු විසින් අලෙවි කර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇති බවයි පොලීසිය පැවසුවේ.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් සිදුකරමින් දෙහිවල ප්‍රදේශයේ ස්ථානයක මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අතර සැකකරු මාතලේ ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී අනාවරණ කළේ.

විවිධ අතවරයන්ට පත්වු කිසිදු පිළිසරණක් නොමැති කාන්තාවන් සැකකරු විසින් අදාළ ස්ථානයන්ට ගෙන්වා, ගිවිසුම්වලට අත්සන් කර දරුවන් ලැබීමෙන් පසු එම දරුවන් තුන්වන පාර්ශවයකට විකුණා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

විදෙස් රටවල “බේබි ෆාම්“ යනුවෙන් මෙවැනි කුඩා දරුවන් විකිණීමේ ජාවාරම් හඳුන්වන බව ද සඳහන් කර සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, පොලිස් හා කාන්තා කාර්යාංශයේ විමර්ශනවලින් අනතුරුව මෙයට සම්බන්ධ ගැබිනි කාන්තාවන් 12 දෙනෙක් සොයා ගත් බව ද පැවසීය.

 

COMMENTS