
ජැස්පර් සුළි කුණාටුව උතුරු වෙරළ තීරයට බලපෑම් කරනු ඇතැයි විශ්වාශ කෙරෙනවා.
එහි ගමන් මාර් ගය, ඔස්ට්‍රේලියා භූමියේ උෂ්ණත්වය නිසා වෙනස්වී ඇති බවයි නවතම දත්ත අනුව පැහැදිලි වෙන්නේ.
මූලික අනාවැකි අනුව,දකුණු ක්වීන්ස්ලන්ත ප්‍රදේශයට සුළි කුණාටුවේ බලපෑම එල්ලවිය හැකි බවට අදහස් පළවුණා.

එහෙත් ඔස්ට්‍රලියාවේ පවතින උෂ්ණාධික කාලගුණය එහි ගමන් මාර්ගයට බලපෑම් එල්ල කරනවා.
ඒ නිසා දැන් විශ්වාස කෙරෙන්නේ ක්වීන්ස්ලන්ත උතුරු වෙරළ තීරයේ බොහෝ දුරින් ජැස්පර් හි බලපෑම ඇතිවිය හැකි බවයි.

එහෙත් සුළි කුණාටුව තුළම ඇතිවන සුළං ප්‍රවාහය නිසා මෙහි ගමන් මග තවත් වෙනස් විය හැකි යැයි අපේක්ෂා කෙරෙනවා.