
මෑතකාලීනව දකුණු ඔස්ට්‍රේලියාවේ ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය බවට පසුගිය මාසය පත්වී තිබෙනවා.
ඒ අනුව පැය 4,285 ක කාලයක් රෝහලට ඇතුළත් වීමට පෙර රෝගීන් ගිලන් රථ තුළ ගතකර ඇති බව සඳහන්.
එය පසුගිය ඔක්තෝබර් මාසයට වඩා පැය 1,000 ක පමණ ඉහළයාමක් බවටයි ගණන් බලා ඇත්තේ.

රාජකීය ඇඩිලේඩ් රෝහල ඉදිරිපිටදී පමණක් ගිලන් රථ පැය 1,333 ක් පමණ රැඳී සිට ඇති අතර එය ඔක්තෝබර් ඉමාසයට වඩා පැය 840 ක ඉහළයාමක්.
දකුණු ඔස්ටේ්‍රලියා සෞඛ්‍ය අමාත්‍ය ක්‍රිස් පික්ටන් පවසන්නේ මෙම නව දත්ත සම්බන්ධයෙන් කණස්සල්ලට පත්වන බවයි.
