
වික්ටෝරියා හිටපු අගමැති ඩැනියල් ඇන්ඩෲස් ගේ පාලනය යටතේ රාජ්‍ය සේවය දැඩි දේශපාලනීකරණයට ලක්ව තිබූ බවට ප්‍රාන්ත ඔම්බුඩ්ස්මන්වරයා විසින් චෝදනා කර තිබෙනවා.
ඇතැම් නිෂ්ඵල ව්‍යාපෘති සඳහා මහජන මුදල් නාස්තිකාර අයුරින් වැය කර ඇති බවටයි එහි දක්වා ඇත්තේ.
අගමැතිවරයා සහ ඔහුගේ සමීපතමයන්ගේ අවශ්‍යතා මත ඇතැම් ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කර ඇති බවට මෙහි අනාවරණය කර තිබෙනවා.

මෙම වාර්තාව අධ්‍යයනය කර ඉදිරි පියවර ගන්නා බවටයි වත්මන් අගමැතිනියගේ කාර්යාලය දන්වා ඇත්තේ.
රාජ්‍ය සේවයේ පත්කිරීම් සඳහා ස්වාධීන ප්‍රධානියෙකු පත් කිරීම මෙම වාර්තාවට ඇතුළත් ප්‍රධාන නිර්දේශයක්.
