සාමාන්‍ය ලිපි බෙදීම දින 02 කට වරක් පමණක් කිරීමට Australia Post තීරණයක්

මූල්‍ය පාඩු අවම කර ගැනීම සඳහා සාමාන්‍ය ලිපි බෙදා හැරීම දිනපතා සිදු නොකර සෑම දින 02 කට වරක් පමණක් සිදුකිරීමට Australia Post තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් පාර්සල් හෝ ප්‍රමුඛතා ලිපි බෙදා හැරීම දිනපතා සිදුවනු ඇති.

කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමෙන් පාඩු අවම කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර ඉදිරි මාස 12 ත් 18 ත් අතර කාලයේදී මෙය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ.

Australia Post විසින් ලබා ඇති ඩොලර් මිලියන 200 ක දැවැන්ත මූල්‍ය පාඩුව මග හරවා ගැනීමට අදාළ සංශෝධන මාලාව යටතේ මෙම පියවර අනුගමනය කෙරෙන අතර මෙහිදී කිසිදු ආකාරයකින් තැපැල් කාර්යාල සංඛ්‍යාව කප්පාදු කිරීමක් සිදුවන්නේ නැහැ.

2008 වසරේදී ඔස්ටේ්‍රලියානු නිවසකට සතියකට ලැබුණු ලිපි සංඛ්‍යාව 08-09 ත් අතර වූ නමුත් මේ වනවිට එය 02-03 ත් අතර අගයකට පහත වැටී ඇති බවයි අනාවරණය වන්නේ.

ඉදිරි වසර 05 තුළදී එය තවදුරටත් අඩකින් පමණ අඩු වනු ඇති බවටද අනාවැකි පළවී තිබෙනවා.

ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

ඔස්ට්‍රේලියාවේ වූල් වර්ත්ස් (Woolworths) සුපිරි වෙළඳසල් ජාලයේ හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රැඩ් බන්දුචි සිය විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී අමතර මුදලක් උපයන්න රැකියා සොයනවා නම් මේ ගැනත් අවධානයෙන්

ඔස්ට්‍රේලියාවේ, වැඩි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් සිදු කරන ආයෝජන අවස්ථා සහ නිවසේ සිට වැඩ කළ හැකි බවට වන රැකියා දැන්වීම් පිළිබඳ නව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »