Search

නත්තල් දින ආශ්‍රිතව ඔස්ට්‍රේලියාව තුළ පෙට්‍රල් මිළ ගණන්වල ඉහළයාමක්

නත්තල් දින ආශ්‍රිතව ඔස්ට්‍රේලියාව තුළ පෙට්‍රල් මිළ ගණන්වල ඉහළයාමක් සිදුවිය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා.

කෙසේවෙතත් පසුගිය සැප්තැම්බර් මාසයේදී සිදුවූ ආකාරයෙන් වාර්තාගත අගයකට ඉහළ නොයනු ඇති බවයි පැවසෙන්නේ.

දෙසැම්බර් 03 වනදායින් අවසන් වූ සතියේදී ඔස්ට්‍රේලියාව පුරා පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය මිළ සටහන් වී ඇත්තේ ඩොලර් 01 යි ශත 92 ක් ලෙසයි.

වැඩිම මිළ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති අතර Northern Territory – දකුණු ඔස්ට්‍රේලියාව සහ වික්ටෝරියාවෙන්ද ඉහළ ඉන්ධන මිළ ගණනු සටහන් වී තිබුණා.

සාපේක්ෂව අඩුම මිළ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් සටහන්වී ඇති අතර දෙවන අඩුම අගය වාර්තා වී ඇත්තේ බටහිර ඔස්ට්‍රේලියාවෙනුයි.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »