Search

ලබන වසරේ ක්වීන්ස්ලන්ඩ් මැතිවරණයෙන් වත්මන් අගමැතිනී පරාජය වන ළකුණු

ලබන වසරේ පැවැත්වීමට නියමිත ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් වත්මන් අගමැතිනී Annastacia Palaszczuk පරාජයට පත්වනු ඇති බවට නවතම සමික්ෂණයක් පුරෝකථනය කර තිබෙනවා.

ප්‍රාන්ත විපක්ෂ නායක ඩේවිඩ් ක්‍රිසෆුලි සිය ජනප්‍රියත්වය කැපී පෙනෙන අන්දමින් ඉහළ නංවා ගැනීමට සමත්වී ඇති බවයි එහි දැක්වෙන්නේ.

දැනට පවතින වාතාවරණය අනුව පාලක ලේපුබර් පක්ෂයට සියයට 33 ක් සහ විපක්ෂ ලිබරල් ජාතික සන්ධානයට සියයට 37 ක් ලෙස ඡන්ද ප්‍රකාශවනු ඇති බව සඳහන්.

එමෙන්ම වඩාත් සුදුසු අගමැති තෝරාගැනීමේදී Annastacia Palaszczuk ට වඩා ප්‍රාන්ත විපක්ෂ නායක ඩේවිඩ් ක්‍රිසෆුලි සියයට 05 කින් පමණ ඉදිරියෙනුයි පසුවන්නේ.

සැප්තැම්බර් මැද භාගයේ සිට නොවැම්බර් දක්වා කාලයේදී මෙම මත විමසුම සිදුකර තිබුණා.