Search

ACT පාසල් පංති කාමර තුළද ජංගම දුරකථන තහනම් කරයි

ACT ප්‍රාන්තයේ පොදු පාසල්වල පංති කාමර තුළ ජංගම දුරකථන සහ ස්මාර්ට් වොච් වැනි අනෙකුත් පුද්ගලික සන්නිවේදන උපාංග භාවිතය ලබන වසරේ පළමු වාරයේ සිට තහනම් කර තිබෙනවා.

පෙරපාසල් සිට 10 ශ්‍රේණිය දක්වා සියලු පංති සඳහා මෙය බලාත්මක වනු ඇති.

විවිධ අවශ්‍යතා සහිත සිසුන්ට මෙන්ම වෛද්‍ය අවශ්‍යතා සහිත සිසුන්ට මෙම රෙගුලාසිය අදාළ වන්නේ නැහැ.

මේ අනුව ඔස්ටේ්‍රලියාවේ සෙසු ප්‍රාන්ත හා සමානව ACT ප්‍රාන්තයේත් පංති කාමර තුළ ජංගම දුරකථන භාවිතය තහනම් කිරීමේ නියමයන් බලාත්මක වනු ඇති.

සිසුන් විසින් රැගෙන එන ජංගම දුරකථන තැබිය යුතු ස්ථාන පිළිබඳ තීරණ ගැනීමේ බලතල එක් එක් පාසල විසින් ගත යුතු වනවා.

11 සහ 12 ශ්‍රේණිවල සිසුන්ට විද්‍යුත් උපාංග ළග තබාගැනීමට අවසර ඇතත් පංති පැවැත්වෙන කාලසීමාවේදී ඒවා නිහඩ කර තැබීම අනිවාර්ය වනවා.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »