Search

Medicare අරමුදල ශක්තිමත් කිරීමට තවත් $ බිලියන 1.2 ක ප්‍රතිපාදන

මෙඩිකෙයාර් අරමුදල ශක්තිමත් කිරීම සඳහා තවත් ඩොලර් බිලියන 1.2 ක මූල්‍ය ප්‍රතිපාදන සැපයීමට ජාතික කැබිනට් මණ්ඩලය එකගතාවය පළකර තිබෙනවා.

ඒ යටතේ රෝහල්වල දැනට පවතින අධික තදබදය මෙන්ම උග්‍ර සෞඛ්‍ය සේවක හිගය මගහැරෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

මීට අමතරව ජාතික ආබාධ රක්ෂණ ක්‍රමයට තවත් අමතර සියයට 04 ක ආධාර සැපයීමටද ජාතික කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඊට අමතර මුදලක් වැය වන්නේ නම් එම පිරිවැය 50 ට 50 ලෙස ෆෙඩරල් රජය සහ ප්‍රාන්ත රජයන් අතරේ සමසේ බෙදා ගැනීමටයි තවදුරටත් එකග වී ඇත්තේ.

ගිණි අවි සම්බන්ධ නීති රෙගුලාසි දැඩි කිරීම අද ගෙන ඇති තවත් ප්‍රධාන තීරණයක් වනවා.

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම යෝජනා වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද රු.190ට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 10) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »