
අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් පැණවෙන නව නීති ෆෙඩරල් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මන්ඩලය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඊයේ දිනයේදී සෙනෙට් සභාවේදී එය වැඩි ඡන්දයෙන් සම්මත කරගනු ලැබුවා.
අද දිනයේදී විපක්ෂයේද සහය ඇතිව සම්මත කරගැනීමෙන් පසු නව නීති බලාත්මක වීමට නියමිතයි.

මහාධිකරණ නියෝග අනුව නිදහස් කරනු ලැබූ ඇතැම් රැඳවියන් විවිධ වැරදි සඳහා චූදිතයන් බවට ඔප්පුවීමත් සමග එවැනි 04 දෙනෙකු මේ වනවිටත් නැවත අත්අඩංගුවට ගෙන අවසන්.
ඉදිරියේදී මෙවැනි සිදුවීම් ඇති නොවීම වළක්වාලීම සඳහායි නිදහස් කෙරෙන අනවසර සංක්‍රමණිකයන් සමාජයට මුදා හැරීමට අදාළව නව නියාමන රෙගුලාසි මාලාවක් පැණවීමට ෆෙඩරල් රජය පියවර ගනු ලැබුවේ.

කිසියම් අනවසර සංක්‍රමණිකයෙකු රැඳවුම් භාරයෙන් නිදහස් කෙරුණද ඔවුන් නැවතත් අත්අඩංගුවට ගෙන වසර 03 ක උපරිම කාලයක් සඳහා රඳවා තබාගැනීම සඳහා වැඩි බලතල ඒ යටතේ නීති බලගැන්වීම් නිළධාරීන් වෙත ලැබීම විශේෂත්වයක්.
මහාධිකරණ නියෝගය අනුව රැඳවියන් 148 දෙනෙකු නිදහස් කර ඇති අතර ඔවුන් අතර සිටින කොපමණ පිරිසකට අපරාධ චෝදනා පවතින්නේදැයි මෙතෙක් තහවුරු කරගෙන නැහැ.