විරෝධතා මාලාවක් හේතුවෙන් මෙල්බන් CBD රථවාහන තදබද අනතුරු ඇගවීමක්

දේශගුණ විපර්යාස ක්‍රියාකාරීන්ගේ විරෝධතා මාලාවක් හේතුවෙන් ලබන සති අන්තය දක්වා මෙල්බන් CBD හි රථවාහන තදබද ඇතිවිය හැකි බවට අනතුරු ඇගවෙනවා.

පෙරවරු 07 සිට 08 දක්වා සහ පස්වරුවේ කාර්ය බහුල අවස්ථාවේදී මෙම විරෝධතා සංවිධාන කෙරෙන අතර සෙමින් ගමන් කරන විරෝධතා පාගමන් මෙලෙස පැවැත්වෙන බව සඳහන්.

නගරයේ ලේබර් පක්ෂ මන්ත්‍රී කාර්යාල ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණ මාලාවක්ද මීට අන්තර්ගතයි.

ලබන සෙනසුරාදා දිනයෙන් මෙම විරෝධතා අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙම විරෝධතා පැවැත්වෙන ස්ථාන මගහැර යන ලෙසයි රියදුරන්ගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »