Search

දෝෂ සහගත අන්තර්ජාල බිල්පත් නිකුත් කලැයි ටෙල්ස්ට්‍රා සමාගමට $ මිලියන 03 ක දඩයක්

පාරිභෝගිකයන්ගේ අන්තර්ජාල බිල්පත් දෝෂ සහගත ලෙස නිකුත් කිරීමේ චෝදනාවට ටෙල්ස්ට්‍රා සමාගමට ඩොලර් මිලියන 03 ක දඩයක් නියම කර තිබෙනවා.

සක්‍රීය මට්ටමේ නොමැති සබඳතා සඳහාද වසර 11 කට ආසන්න කාලයක් ඔවුන් විසින් මෙලෙස බිල්පත් නිකුත් කර ඇති බවයි ඔස්ටේ්‍රලියානු සන්නිවේදන සහ මාධ්‍ය අධිකාරිය සිදුකර ඇති විමර්ශනයකදී හෙළිකරගෙන ඇත්තේ.

මෙම සදුවීමට අදාළව දැනටමත් පාරිභෝගිකයන් වෙත ඩොලර් මිලියන 17.7 ක මුදල් ආපසු ගෙවීමක් සිදුකර ඇති බව ටෙල්ස්ට්‍රා සමාගම නිවේදනය කර සිටිනවා.

එමෙන්ම වසර අවසානවීමට පෙර තවත් ඩොලර් මිලියන 3.4 ක මුදලක් ඔවුන්ට ආපසු ගෙවන බවටයි ඔවුන් තවදුරටත් සහතික වී ඇත්තේ.

2012 වසරේ අප්‍රේල් සිට මෙම වසරේ අගෝස්තු දක්වා කාලය තුළ ඩොලර් 2,600 බැගින් ගණුදෙනුකරුවන් 6,500 කගෙන් පමණ අයකරගෙන ඇති බවටයි ටෙල්ස්ට්‍රා සමාගමට චෝදනා එල්ල වන්නේ.

2020 සහ 2022 වසරවලදීත් ඔස්ටේ්‍රලියානු සන්නිවේදන සහ මාධ්‍ය අධිකාරිය විසින් මෙලෙසම එම සමාගමට ඩොලර් මිලියන 4.2 ක දඩ නියම කරනු ලැබුවා.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »