Search

සැප්තැම්බර් කාර්තුවේ ඔස්ට්‍රේලියා ආර්ථිකය අපේක්ෂා කල අගයට වඩා පහළ මට්ටමක

ඔස්ට්‍රේලියා ආර්ථිකය සැප්තැම්බර් කාර්තුවේදී 0.2% කින් පමණක් වර්ධනය වී තිබෙනවා.

කෙසේවෙතත් මූල්‍ය විශ්ලේෂකයන් විසින් පුරෝකථනය කර තිබුණේ සැප්තැම්බර් කාර්තුවේ මෙරට ආර්ථිකය සියයට 0.4 ක් වැනි අගයකින් වැඩිවනු ඇති බවටයි.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කල නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ වාර්ෂික ආර්ථික වර්ධන වේගය සටහන් වන්නේ සියයට 2.1 ක් ලෙසයි.

අඛණ්ඩව 08 වන කාර්තුවටත් මෙරට ආර්ථිකය වර්ධනය වී ඇතත් වර්ධන වේගයේ අඩුවක් පෙන්නුම් කිරීම විශේෂත්වයක්.

අද නිකුත් වූ දත්ත පිළිබඳ බිය විය යුතු නැතැයි ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් අවධාරණය කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ ජර්මනිය – බ්‍රිතාන්‍යය – ප්‍රංශය – කැනඩාව සහ ඉතාලිය වැනි තරගකාරී ආර්ථිකයන්ට සමගාමීව ඔස්ට්‍රේලියා ආර්ථිකය ස්ථාවර මට්ටමක පවතින බවයි.

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »