දැනුම්දීමකින් තොර සේවක වැටුප් කප්පාදුවට Woolworths ට නඩු

කිසිදු දැනුම්දීමකින් තොරව සේවකයින්ගේ වැටුප් කප්පාදු කිරීම හේතුවෙන් සිල්ලර හා ක්ෂණික ආහාර සේවක සංගමය, Woolworths පාලනාධිකාරියට එරෙහි ෆෙඩරල් අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

2021 වසරේ කොවිඩ් වසංගත කාලසීමාව තුළ වික්ටෝරියා සහ ටස්මේනියාවේ Woolworths වෙළඳසැල් 100 ක සේවකයින් 1400කට පෙර දැනුම් දීමකින් තොර සේවා මුර මාරු කිරීමටයි පාලනාධිකාරිය පියවර ගෙන ඇත්තේ.

සේවකයින් හට ආහාර විවේකය සඳහා වු කාලය සීමා කිරිම ඇතුලු සේවා කොන්දේසි රැසක් කප්පාදු කිරීමට පාලනාධිකාරිය කටයුතු කර ඇති බව සඳහන්.

මේ හේතුවෙන් ඇතැම් Woolworths පූර්ණ කාලීන කාර්ය මණ්ඩල සේවකයින් සඳහා වසරකට ඩොලර් 30,000 ක් දක්වා වැටුප් කප්පාදුවක් සිදු ව ඇති බවයි වාත්තීය සමිති චෝදනා කරන්නේ.

මෙලෙස අගතියට පත් සේවකයින් සඳහා හිමි හිග වැටුප් හා දැනට සේවයෙන් ඉවත් කර ඇති සේවකයින් සඳහා අවශ්‍ය වන්දි ලබා දෙන ලෙසයි වෘත්තීය සමිති අධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් Woolworths පාලනාධිකාරිය සමග කළ විමසීම් වලදී සේවකයින් සේවයෙන් පහ කිරිම් පිළිබඳ පැමිණිලි ඉදිරිපත්ව ඇති අතර අගතියට පත් සේවකයින්ගෙ අත්සන් සහිත ලිපියක් ද ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

Qantas සමාගමේ ගුවන් ගමන්වල වෙනසක්

මැදපෙරදිග ඇතැම් ප්‍රදේශවලට පියාසර කිරීම වළක්වා ගැනීම සඳහා පර්ත් සහ ලන්ඩන් අතර ඍජු ගුවන් ගමන් මාර්ගය යළි ආරම්භ කිරීමට ක්වන්ටාස් සමාගම සැලසුම් කර තිබෙනවා.

Read More »