
ජාතික ආබාධිත රක්‍ෂණ යෝජනා ක්‍රමයේ (NDIS) පවතින අයවැය ගැටලු විසඳීමට අදාළ සැලසුම් මෙම සතිය තුළ එළිදැක්වීමට ෆෙඩරල් රජය සුදානම් වනවා.
සාමාන්‍යයෙන් වසරකට ඩොලර් බිලියන 42 ක ඉහළ ආදායමක් ලබන ජාතික ආබාධිත රක්‍ෂණ යෝජනා ක්‍රම මෙලෙස කඩා වැටීමට හේතු වු කරුණු පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීන් සඳහන් කර ඇත්තේ.
අද පැවැත්වෙන ජාතික කැබිනට් මණ්ඩල රැස්විමේ දී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත අතර NDIS බලධාරීන් සහ ප්‍රාන්ත නායකයන්ද මිට සහභාගි වනු ඇති.

සුලු ආබාධ සහිත දරුවන් NDIS ක්‍රමයෙන් ඉවත් කිරීමටයි අවධානය යොමුවී ඇත්තේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව පළකර ඇත්තේ දැඩි අප්‍රසාදයක්.

රාජ්‍ය භාණ්ඩාගාරයට වසරකට ඩොලර් බිලියන 5 ක ප්‍රතිලාභ හිමි නොවන්නේ නම් ප්‍රතිසංස්කරණයට අදාළ සහය ලබා නොදෙන බවයි ප්‍රාන්ත ආණ්ඩු සඳහන් කර ඇත්තේ.
කෙසේ වෙතත් සමාජ සේවා අමාත්‍ය බිල් ශෝටන් අවධාරණය කළේ වැඩි අවධානමක් සහිත ආබාධිත පුද්ගලයින් සඳහා තෘප්තිමත් ජීවිතයක් ලබා දීම අදාළ සංශෝධනවල අරමුණ බවයි.